සෙකන්ඩ් චාන්ස් ?...


ජීවිතේදි අපි හරි දේවල් වගේම වැරදි දේවලුත් කරනව... සමහර වෙලාවට දැනුවත්ව, සමහර වෙලාවට නොදැනුවත්ව... ඒවට හේතු විවිධාකාරයි.. සමහර විට හරි දේවල් කලේ අසාධාරණ හේතු මත වෙලා වැරදි දේ කලේ සාධාරණ හේතු මත වෙන්නත් පුළුවන්... ඔය හරි වැරැද්ද කියන එක පුදුම සංකීර්ණයි... ඔලුව විකාර වෙනව...  කොහොම වුනත් වැරදි දේවල් කරහම හෝ අපි අතින් සිද්ධ වුනහම ඒව අපිට බලපාන ප්‍රමාණය වැඩී... සමහරවිට ඝෘණාත්මක දේවල් වලට මිනිස් හිත ඇදෙන ගතිය වැඩි හින්ද වෙන්න ඇති...  

ඒත් මට හිතෙන්නෙ අපි ගන්න තීරණ හින්ද ඔය මිත්‍යා කතා වල ඉන්න තාලෙ එක එක මකරු, හයිඩ්‍රල වගේ සත්තු, තව එක්ස්කැලිබර් අසිපත, ඇල්බියන් අසිපත වගේ විවිධාකාර ආයුධ අපේ ජීවිත වලට එකතු වෙනව කියල...  ඔහොම මතුවෙන සමහර භයානක සත්තු අපි එදිනෙදා මරාදමමින් ඉන්නව.. එහෙම නැත්තන් හීලෑ කරගන්නව... ඔය අතරෙ මඟඇරෙන හරි, උන් එක්ක සටන් කරන්න වෙලාව නෙමෙයි කියල මඟඇරල දාන සත්තුත් ඉන්නව.. ඒත්,
උන් නිදැල්ලෙ ඉන්නව කියල දන්න තාක් අපිට හිතේ සැනසීමෙන් ඉන්න අමාරුයි... ඒ නිසා අවුරුදු ගානකට පස්සෙ උන්ව හොයන් ගිහින් සටන් කරන්න හිතුව... පුළුවන් වෙයිද බැරි වෙයිද කියල හරියටම ෂුවර් නෑ... කොහොම වුනත් තව දුරටත් පරක්කු කරල බෑ... දැනටමත් පරක්කුද කියල මට ෂුවරුත් නෑ... ‍

මංඤං වෙනව නේ?.... උඹලට නම් කියවල... ඕව ඔලුවෙ තියන් ඉන්න මට කොහොම ඇද්ද... 


"මේ අර්බුධය මා විසින් ඇතිකරන ලද්දක් නොවේ..."

Comments

  1. ඒ කාලේ ඉතිරි උනු ලස්සන හුරතල් සතෙක් තමයි මම...

    ReplyDelete

Post a Comment